Print this Article


සරු නිසරු

සරු නිසරු

සරු දෙය ඇතත් නොබලා මඟහැර යෑම
බොරු ම ය වතක් දැකලා එහි ගුණ පෑම
කරුමය ලෙසක් නෙවෙදෝ මෝහය ඒම
නරුමය දුකක් ලබනා යහපත කෝම

බොරු නිසරුව මුලාවට වග ගෙන බැහැර
සරු දෙය නිවැරැදි ව දැන එහි ඉම හසර
හුරු වෙන එලෙසකට ගුණ මතුවෙයි නිතර
විරුවකු තැනෙයි සදහම් මඟ තුළ පැතිර