Print this Article


නිමිත්ත

නිමිත්ත

ජීවන දසකයේ
නඟින විට පිය ගැට දෙක තුන
ගඳ සුවඳ නොදැනේ වෙනස
රාගය ඉස්මතුව
රාගයෙන් විරාගයට
සංක්‍රමණය වෙන විට
දැනේ මල් දෙපෙති තුළ
කුණු පිළී පණු මළ ගඳ
ඇත්ත දකිනා නැණතියනට
භාවනා නිමිත්තෙකි