Print this Article


ගම බබළන වට්ටාරම

ගම බබළන වට්ටාරම

හිමි අරහත් මලියදේව
වට්ටාරමෙ බලය පෑව
දම් ගඟුලක් සැමට පෑව
හිමි අරහත් මලියදේව

ගෝඨාභය රජ දවසේ
වට්ටාරම නිවි සැනසේ
සුළුගුළු රාළ සුව සේ
දෙව්ලොව ගිය බව පැවසේ

හිමි අරහත් මලියදේව
වටේට ආරාම සතු ව
දෙව්ලොව ගොස් මෙලොව ආව
සක් දෙවිඳුන් වෙලා හමුව

පෞරාණික මේ පින්බිම
පන්සලෙ වැඩ සිටිනා හැම
එකතු කරන් සාමෙන් සැම
පතුරයි මුනි දෙසූ දහම