Print this Article


සූරිගම නාගර්ජුන මහ පිරිවෙන් නිකිණි මහා පෙරහර

සූරිගම නාගර්ජුන මහ පිරිවෙන් නිකිණි මහා පෙරහර

කඩවත, සූරිගම ශ්‍රී සුධර්මාරාම ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙනේ වාර්ෂික පින්කම් මාලාව සහ නිකිණි මහා පෙරහර ලබන 30 වැනි දා ආරම්භ කෙරේ.

අගෝස්තු 30 ,සැප්තැම්බර් 01 වැනි දා දක්වා අසූමහා ශ්‍රාවක පූජා පින්කම, සැප්තැම්බර් 02 - 12 දක්වා ධර්ම දේශනා මාලාව, 13 සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, 14 මහා සංඝරත්නය විෂයයෙහි පිරිනමනු ලබන සංඝගත දක්ෂිණාවකි. පසුදා 15 වැනිදා නිකිණි මහා පෙරහර ග්‍රාම ප්‍රදක්ෂිණා කිරීමට නියමිත ය. විහාරාධිපති, සියනෑ අලුත්කූරු දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පරකන්දෙණියේ ශ්‍රී ආර්ය මනෝරථ නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙහි සියලු කටයුතු සංවිධානය කර ඇත.