Print this Article


‘මව්පිය ගුණ සම්භාවනා’ පුණ්‍ය මහොත්සවය

කුලියාපිටිය අස්සැද්දුම මූල මහා විහාරස්ථානයේ දායක සභාව ඇතුළු සංවිධාන සහ ප්‍රභූ සම්මාන මණ්ඩලයේ සංවිධායකත්වයෙන් මවුපිය ගුණ සම්භාවනා උපහාර උත්සවයක් පසුගියදා පැවැත්විණි.

මේ සදහා කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මූල මහා විහාරාධිපති, පල්ලේකාගම රතනභාරතී නාහිමිපාණන් වහන්සේ ඇතුළු දූ දරුවන්ගේ ආදරණීය මවුපියන් වන කේ. එම්. ගුණරත්න මහතා හා ඩී. එම්. රන්මැණිකා මහත්මිය වෙත දේශකීර්ති, ශාසනාභිමානි සංඝපීතෘ, පීතා දේශමාන්‍ය සහ මෙත්තා ජනී ජන ප්‍රසාදිනී. ශාසනා අග්‍රදායිකා, ශාසන මාමක, සංඝපීතෘ මාතා යන ගෞරව සම්මාන පිළිගැන්වීම මෙහිදී සිදු කරන ලදී.