Print this Article


ඇසළ පුර පෝ දා දම් දෙසුම

ඇසළ පුර පෝ දා දම් දෙසුම

ඇසළ පුර පසළොස්වක පෝය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය සංවිධානය කළ ධර්ම දේශනාමය පින්කම පසුගිය දා ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණ. එදින ධර්ම දේශනාමය පින්කමේ පින්බර දායකත්වය බුදුසරණ පුවත්පතේ කර්තෘ රමණී සුබසිංහ මහත්මියගෙනි.

දම් දෙසුම ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් විසින් සිදුකරනු ලැබූ අතර, රමණී සුබසිංහ මහත්මියගේ මවුපියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පැතීම පින්කමේ මූලික අරමුණ විය. ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ට සහ ආයතනයේ සේවය කර මියගිය සේවක මහත්ම මහත්මීන්ට පින් අනුමෝදන් කිරීම සිදු විය. ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් පින්කම සංවිධානය කෙරිණි.

මෙම දම් දෙසුම ශ්‍රවණය කිරීම සඳහා ඉහත QR කේතය කියවන්න