Print this Article


රිදී විහාරේ ඇසළ මහා පෙරහර - 2024

රිදී විහාරේ ඇසළ මහා පෙරහර - 2024

ඓතිහාසික රිදී විහාරය මූලික කරගත් රිදී විහාරස්ථ පත්තිනි දේවාලය සහ කුමාර බංඩාර දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය පසුගිය 17 වැනි දින ආරම්භ වී මෙම මස 31 වැනි දින දැදුරුඔයේ නින්තට්ටුව ගමේ දිය කැපුම් තොටෙන් දිය කැපීමෙන් නිමාවට පවත්වේ.

පසුගිය 05 වැනි දින හිමිදිරියේ සිරිත් පරිදි දේවාල භූමියේ ඇසළ “කප්” සිටුවීම සිදුවිය.

පුරාණයේ සිට පැවත එන චාරිත්‍ර වීදි ප්‍රකාර ව පත්තිනි දේවාලයේත්, කුමාර බංඩාර දේවාලයේත් අභ්‍යන්තර පෙරහර 17 වන දින ආරම්භ ව 20 වැනි දින දක්වා පැවැත්වේ.

දේවාලයන්හි කුඹල් පෙරහර 21 වැනි දින ආරම්භවී 25 වන දින දක්වා පුරා දින 05ක් පැවැත්වීමෙන් නිමාවට පත්වේ.

26 වැනි දින රාත්‍රියේ රන්දෝලි පෙරහර දේවාල භූමියෙන් පිටත් වේ.

30 වැනි දින අවසන් රන්දෝලි මහ පෙරහර රාත්‍රී රිදී විහාරයෙන් පිටත්ව වීදි සංචාරය කෙරේ.

31 වැනි සෙනසුරාදා හිමිදිරයේ නිලන්තට්ටුව ගමේ දිය කැපුම් තොටෙන් දියකැපීමෙන් පෙරහර නිමාවට පත්වේ.