Print this Article


දූරංගමං - ඒක චරං

දූරංගමං - ඒක චරං

සිත නුඹ කොතැනකද
නොරැඳ එක් තැනක
දුවන්නේ ද?
අහංකාර, නොසන්සුන්කම
රජයන්නේ ද? නුඹ තුළ
එපා එය ළං කර ගන්න
සැමට මෙත් සිත පතුරුවාලීමට
අණ දෙන්න සිතට
වහල් බව අත් හරින්න
සිතෙන සෑම දේ නොකරන්න
හරි දේ හොඳ දේ පමණක්
ක්‍රියාවට නඟන්න
වැරැදි මිනිසුන් දෙස
අනුකම්පාවෙන් බලන්න
නවතින්න හරි තැන
ජය එතැනයි