ශ්‍රේෂ්ඨයකු වීමේ ප්‍රතිපදාව
දෙව්ලොව වාසය කරන දෙවිවරු විවිධාකාර දහම් ගැටලු විසඳා ගැනීමට බුදුරජාණන් වහන්සේ වෙත
පැමිණෙති.
ඒ අනුව සක් දෙවි රජු වරක් සැවැත්නුවර පූර්වාරාමයෙහි මිගාර මාතු ප්‍රාසාදයේ වැඩ
සිටින බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, තණ්හාව නැසීම නම් වන නිර්වාණය අරමුණු කර ගෙන සියලු
කෙලෙස්වලින් මිදුණු ඉපදීම, මරණය යන දෙක ම අවසන් කළ දෙවිමිනිසුන් අතර ශ්‍රේෂ්ඨ
තැනැත්තකු සිටියිනම් එවැන්නකු වීමට පිලිපැදිය යුතු ප්‍රතිපදාව කුමක්දැයි කෙටියෙන්
දේශනා කරනු මැනවි.” යි ඉල්ලා සිටියේ ය.
“ශක්‍ර දේවේන්ද්‍රය, මෙලෙස හිතන්න, මේ සසුනෙහි සිටින යම් භික්ෂුවක් පංචස්කන්ධය,
දොළොස් ආයතන, අටළොස් ධාතු යන සියලුම ධර්මයන් “මම ය, මාගේ ය” යනුවෙන් සිතා තණ්හාවෙන්
අල්ලා ගැනීම, දැඩි ව ගැනීම සුදුසු නැතැයි අසනු ලැබුවා නම්,
ඔහු ඒ සියලු ධර්මයන් ස්කන්ධ ධාතු, ආයතන වශයෙන් හොඳින් දැන ගන්නවා. ඒ අනුව දුක හෝ
සැප හෝ ඒ දෙක ම නොවන හෝ වේදනාවක් විඳිනවා නම්, එය අනිත්‍ය වශයෙන් , ඇලීම දුරු කළ
යුතු විරාග වූවක් වශයෙන්, නිරෝධ වශයෙන් දුරු කළ යුතු දෙයක් වශයෙන් බලනවා.
“ඒ අනුව බලමින් වාසය කරන ඔහු සියලු සංස්කාරයන්, තෘෂ්ණා දෘෂ්ඨි වශයෙන් නොගෙන නොතකා
නිර්භයව මේ භවයේ දී ම කෙලෙසුන් නසා දමනවා. එය බ්‍රහ්මචර්යාව හෙවත් උතුම් හැසිරීමේ
අග්‍ර ඵලයයි. කළ යුතු සියලු දේ වහා ම සිදුකර නිමා කිරීමයි. එයින් පසු තවත් කළ යුතු
කිසිවක් ඇත්තේ නැහැ.”
“එවැනි තැනැත්තා නිවන් අරමුණු කර ගෙන කෙලෙසුන්ගෙන් මිදුණු ඉපදීම මෙන් ම මරණය ද
අවසන් කළ, උතුම් හැසිරීමෙන් එකම අරමුණක් කරා පැමිණි නිසා සියලු දිව්‍ය මනුෂ්‍යයින්
අතර ශ්‍රේෂ්ඨයකු බවට පත්වෙනවා.”
“දිව්‍ය මනුෂ්‍යයින් අතර ශ්‍රේෂ්ඨ අයකු වීමේ ප්‍රතිපදාව මෙයයි“
මේ දේශනාව ඇසූ සක්දෙව් රජු සතුටට පත්විය.
-
අයන්ති විතාන |