Print this Article


මහනුවර අස්ගිරි මහා විහාරස්ථ පිරිවෙනේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව

මහනුවර අස්ගිරි මහා විහාරස්ථ පිරිවෙනේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව

මහනුවර අස්ගිරි මහා විහාරස්ථ පිරිවෙනේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව ඉකුත් (30) වැනිදා පැවැත්විණි.

ඊට එක්වූ භික්ෂූන් වහන්සේ 359 දෙනකු ප්‍රථමයෙන් බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරස්ථානය ට වැඩමකොට විහාරස්ථානය සහ යුදඟනාව චෛත්‍යය රාජයාණන්වහන්සේ වැඳපුදා ගත්හ.

එහිදී උන්වහන්සේට දහවල් දානය යුදඟනාව රාජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව මඟින් පිරිනමන ලදි.

අනතුරුව එම භික්ෂූන් වහන්සේ කතරගම පුදබිමට වැඩම කොට කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේ අභියස දී පිරිත් දේශනාවක් පැවැත් වූහ. උන්වහන්සේට සවස ගිලන්පස පිරිනැමීම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලදි.