Print this Article


පහන් සිතක කවි

මහ සෑ මුදුනට සඳරැස් වැටිලා

මිස්සක පව්වෙන් පුන්සඳ පායා
පොසොන් පොහෝ දින මිහින්තලේ
මහ සෑ මුදුනට සඳරැස් වැටිලා
හරිම ලස්සනයි මිහින්තලේ

මුව පොව්වන් හට තෝතැන්නක් වූ
සිව්පාවුන් පිරි මිහින්තලේ
මිහිඳු ගුහාවට රහතුන් වැඩලා
බුදුරැස් විහිදෙයි මිහින්තලේ

පටමක ථූපය ළඟ සැදහැත්තෝ
පිරුවට හැඳගෙන මිහින්තලේ
සිල් අරගන්නට බවුන් වඩන්නට
සැරසෙයි නිතර ම මිහින්තලේ

මඟතොට සරසති දන්සැල් කරවති
පොසොන් පොහෝ දින මිහින්තලේ
බැති ගී ගයමින් අනුබුදු සිරිතට
දොහොත් මුදුන් දෙයි මිහින්තලේ


තණ්හා ආශා

සිතෙහි සැමදා
සිත උරුම ඔහුට
දුක දෙයි

තණ්හා ආශා
බිය සදා දෙයි
සිත උරුම අයට
දුක දෙයි

තණ්හා ආශා
භව දුක සදා දෙයි
භවයෙහි ගමන් කරවයි
නො නසා නම් තණ්හා
දුක සදා දෙයි මහා


නොමැරෙන ඇත්ත

රුවන් දම්වැලේ
අග මුල නැත
සෙවීමට හැකි
ජගතෙක් ද නැත
අමිල කාලය එයි
පෙර දවස යයි හෙටට
නිමේෂය එක් පුරුකකි
එයයි ගෙවෙනා ජීවිතය
මාරුවී පුරුකෙන් පුරුක
වැසී යයි පස් කඳ
මුසුවී බොල් පසට
එයයි බුදු සසුනේ
නොමැරෙන ඇත්ත