Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බුත්තල හතරමං හංදිය තරුණ කැල ස්වර්ණහංස ජාතකය ඇසුරෙන් නිර්මාණය කළ පොසොන් තොරණ. ඉකුත් (20) වැනිදා සිට ප්‍රදර්ශනය කෙරිණි.

කතරගම ගංගාරාම විහාරස්ථානයේ දායක සභාව ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා කතරගම ගංගාරාම විශ්‍රාම ශාලාව අනුග්‍රාහකත්වයෙන් 16වැනි වරටත් ප්‍රදර්ශනය කරනු ලබන චුල්ල ධර්මපාල ජාතක කතා වස්තුව රැගත් තොරණ පොසොන් පොහොය දා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ අතින් විවෘත කෙරිණි.

බුත්තල මිනින්දෝරු ජනපදයේ ගංගාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පැළඳවීම සහ නිරාවරණය කිරීමේ පුණ්‍ය උත්සවය ඉකුත් (27) වැනි දා පැවැත්විණි.

මොණරාගල මහානාම ජාතික පාසල පොසොන් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් සංවිධානය කළ මහා සීල සමාදානය ඉකුත් (20) වැනි දා විද්‍යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මොණරාගල මහානාම ප්‍රාථමික පාසලේ දරු දැරියන් මවුපියන්ගේ සහයෝගය මත පවත්වන ලද කඩල දන්සල ඉකුත් (21) වැනිදා පාසල ඉදිරිපිට දී පැවැත්විණ.
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ


මොණරාගල හුලංදාව වම ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසලේ දරු දැරියන් සහ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා පැවැති සදහම් ගී සරණිය විහාරස්ථ පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ