Print this Article


ඓතිහාසික මිහින්තලා පුදබිමේ ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑ රදුන්ගේ ධාතු නිධාන පුණ්‍යොත්සවයෙන් ...

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑ රදුන්ගේ

ධාතු නිධාන පුණ්‍යොත්සවයෙන්...

 

 

මීට වසර 2200ට පමණ පෙර උත්තිය රජ දවස තැන වූ මිහිඳු ස්තූපය කාලයත් සමඟ ගරා වැටීමෙන් අනතුරුව නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ උතුම් කටයුත්ත පසුගිය 2020 ඔක්තෝම්බර් මස දී මිහින්තලා පින්බිමේ දී ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගණවැවේ ධම්මරතන නාහිමියන්ගේ ආශිර්වාදයෙන්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ මඟ පෙන්වීමෙන් යුතුව ආරම්භ විය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ පින් කැමති සැදැහැවතුන්ගේ ශ්‍රම දායකත්වයෙන්, සැදැහැවතුන්ගේ ආධාර උපකාර මත අනුබුදු මිහිඳු මහා ස්තූපයේ වර්තමාන ප්‍රතිසංස්කරණ කටයුතු නිමවා උතුම් ධාතුන් වහන්සේ තැන්පත් කිරීම 2024 ජුනි මස පොසොන් පෝදා මිහින්තලා පුදබිමේ දී උත්කර්ශවත් අයුරින් සිදුවිය. මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුළු මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ස්තූපයේ සතරැස් කොටුවේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේත්, සෑ ගර්භයේ දීපප්‍රසාදක මිහිඳු මහ රහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ සහ අංගාර ධාතුන් වහන්සේ තැන්පත් කරන්නට යෙදුණි.