Print this Article


දහම් මඟට යමු

දහම් මඟට යමු

පොසොන් සඳින් මුළු සිරිලක බබළද්දී
සහන් සුවය දස අතෙහි ම පැතිරෙද්දී
සෙමින් වන පුරා රිසි සේ දිව යද්දී
මුවෙක් නෙත ගැටුනි රජු දඩයම් යද්දී

කෙනෙක් නොමැත රජු හා සමතැන් ගන්න
තමුන් නමින් අමතනු රජු හට ඇසිණ
මහත් රශ්මි විහිදේ පර්වත මුදුන
හීතල දුන්න බිම වැටුණේ රජු නොදැන

පැන කිහිපයක් රජු හට ගෙන හැර පෑවා
දක්ෂ ලෙසට රජු යළි පිළිතුරු කීවා
හිමි බොහො තුටින් රජු හට බුදු බණ කීවා
මුළු සිරිලකට නිතියෙන් මහ සෙත් වූවා

මිහිඳු හිමි දෙසූ බණ ලක්දිවට එදා
මහඟු සෙතක් සලසා රට රැකුනි සදා
අපට උතුම් හැම දේ තිබුණත් සැමදා
තවම නොමැත බුදු බණ අපෙ සිතේ රඳා

බුදුන් තුන් වරක් මෙහි වැඩි බව දනිමු
මිහිඳු සමිඳු සෙත සෑදු බව දනිමු
සුමන සමන් සහ හැම දෙවි සිහි කරමු
ලක්දිව දහම රැක ගන්නට වෙර දරමූ

අයෙක් නොමැත බොදු දහමට යොමු වන්නේ
තවෙකෙක් පවින් නිවනේ මඟ හැර ගන්නේ
දහසක් පව් මතින් දිවි අවසන් වන්නේ
කිසිදා නොමැත සසරින් එතෙරට යන්නේ