Print this Article


පොසොන් සඳයි සඳ සිසිලයි

පොසොන් සඳයි සඳ සිසිලයි

පොසොන් සඳයි - සඳ සිසිලයි
මිහින්තලාවයි
අනුබුදු හිමි වැඩියෙ එදා
මිස්සක පව්වයි.........

නිරිඳු මහා දෙවන පෑ
දුනු හී දරනා
මුව හද සොයනා ගමනත්
අතහැර දැමුවා
දම් රස ගැලුවා
මිස්සක පව්වෙන්

පොසොන් සඳයි - සඳ සිසිලයි
මිහින්තලාවයි
අනුබුදු හිමි වැඩියෙ එදා
මිස්සක පව්වයි.......

සිසිල සදන මහ කෙත් වත්
ගුවන සිඹින මහ දා ගැබ්
දහමින් බැඳිලා ජනයින්
නිම කර සැදුනා
දම් රස ගැලුවා
මිස්සක පව්වෙන්

පොසොන් සඳයි - සඳ සිසිලයි
මිහින්තලාවයි
අනුබුදු හිමි වැඩියෙ එදා
මිස්සක පව්වයි...