Print this Article


පොසොන් පුන් පොහෝ දා

පොසොන් පුන් පොහෝ දා

බුදු හිමි දෙසු දහම් අමා
රසයෙන් සිරිලක නහවා
අනුබුදු හිමි මිහිඳු රදුන්
අනුරපුරේ මිහින්තලා
පව්ව කරා වැඩම කෙරූ
උතුම් පොසොන් පොහොය අදයි

ඇත් පිය සටහනින් යුතු
බුදු හිමි දෙසු දහම් දෙසා
තිස්ස රජු ද රට වැසියන්
තිසරණෙ පිහිටෙව්ව මෙතින්
උතුම් පොසොන් පොහොය අදයි

දුනු හී කඩු අතේ දැරූ
රජුන් පවා මෙල්ල කෙරූ
මෙත් කරුණා මල් පුබුදා
මුළු සිරිලක එකලු කෙරූ
උතුම් පොසොන් පොහොය අදයි

මං මුළා වු සතට මෙතින්
යටිකුරු කළ දේ උඩුකුරු
කර පෙන්වු මිහිඳු සමිඳු
සිහි කර කළගුණ සලකන
උතුම් පොසොන් පොහොය අදයි