Print this Article


විහාරමහා දේවි උද්‍යානයේ භාවනාමය සීල සමාදාන වැඩසටහන

විහාරමහා දේවි උද්‍යානයේ භාවනාමය සීල සමාදාන වැඩසටහන

සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානය මෙහෙයවන භාවනාමය සීල සමාදාන වැඩසටහන පොසොන් පොහෝ දින උදෑසන 6.15 සිට සවස 5.30 දක්වා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී පැවැත්වේ.

උදෑසන 6.15 - 8.30 සීල සීමාදානය හා ධර්ම දේශනය රාජගිරියේ අරියඥාණ හිමි, පෙ.ව. 9.30 - 10.30 ධර්ම දේශනය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත හිමි, පස්වරු 1.00 - 2.30 ධර්ම සාකච්ඡාව ගයාන් චානුක විදානපතිරණ මහතා ප.ව. 2.30 - 5.30 භාවනාමය ධර්ම දේශනය රාජගිරියේ අරියඥාණ හිමි. (සහභාගී වන සියලු සැදැහැවතුන්ට, ගිලන්පස සහ දානය පිරිනැමේ. පැමිණෙන විට පිඟානක් කෝප්පයක් සහ අසුන්ගැනීමට ඇතිරිල්ලක් රැගෙන ඒමට කාරුණික වන්න.)