Print this Article


රාගම වල්පොල පොසොන් පෙරහර අද

රාගම වල්පොල පොසොන් පෙරහර අද

අනුබුදු මිහිඳු මා හිමි ගුණ සමරමින් 95 වැනි වරටත් සංවිධානය කරන රාගම වල්පොල පොසොන් මහා පෙරහර අද (20) අත්‍යාලංකාරයෙන් වීදී සංචාරය කෙරේ. ශී‍්‍ර විමලරත්නාරාම විද්‍යා නිවාස මහ පිරිවෙන් පරිවේණාධිපති, විහාරාධිකාරි, ශ්‍රී බාලාභිවෘද්ධි වර්ධන සමිතියේ අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍ය සිරිමල්ගොඩ විමලජෝති මාහිමියන් වහන්සේගේ අනුශාසනයෙන් මෙම මහා පුණ්‍යෙීත්සවය සංවිධානය කර ඇති අතර මේ හා සමගාමී ව මල් පෙරහර, ධර්ම දේශනා ඇතුළු පින්කම් රැසක් ද පැවැත්වුණි.