Print this Article


බේරුවල මංහන්දියේ පැණ නද පොසොන් කලාපය

බේරුවල මංහන්දියේ පැණ නද පොසොන් කලාපය

බේරුවල මංහන්දිය ශ්‍රී සම්බෝධිරාම විහාරස්ථානය කේන්ද්‍ර කොටගත් පොසොන් කලාපය ජුනි මස 21,22, 23, 24 සහ 25 යන දිනයන්හි දී පැවැත්වේ.

මංහන්දිය ශ්‍රී සම්බෝධිරාම විහාරාධිපති හල්තොට පාලිත හිමියන්ගේ ආශීර්වාදයෙන් හා ශ්‍රී පඤ්ඤානන්ද දහම්පාසල සහ එම දහම්පාසලේ ආදි සිසුන් එක්ව දෙවැනි වරටත් මෙම පොසොන් කලාපය සංවිධානය කර තිබේ.

පොසොන් මහා තොරණ, සර්වඥ ධාතු ප්‍රදර්ශනය, පහන් කූඩු තරගය, මල් බඳුන් වෙන්දේසිය, දින පහ පුරා දන්සල්, මල් වෙඩි සංදර්ශනය ආදිය ද පැවැත්වීමට නියමිත ය.