Print this Article


සුධර්මෝදය විහාරස්ථානයට අභිනව විහාර මන්දිරයක්

සුධර්මෝදය විහාරස්ථානයට අභිනව විහාර මන්දිරයක්

මාතලේ කොටුවේගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීම ජූනි 19 වන දා සවස 2.30 ට සිදු කිරීමට නියමිත ව තිබිණ.

ඒ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ගේ සහ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

“ශ්‍රී සිද්ධාර්ථ පියදස්සී රතනසාර” මහලකොටුවේ විමලධම්ම නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් එම පින්කම පැවැත්වීමට නියමිත වුණි.

ඒ නිමිත්තෙන් සුධර්මෝදය විහාරස්ථානයේ දී ජූනි 19 වන දා සිට 29 වන දා දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

පිළිවෙලින් කාගම සිරිනන්ද හිමි, ඔලගංවත්තේ චන්දසිරි හිමි, කොස්ගොල්ලේ සීලරතන හිමි, ඉලුක්කුඹුරේ සීවලී හිමි, තලාතුඔය සමිද්ධිසිරි හිමි, නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි, පදලංගල ධම්මදේව හිමි, අලුත්ගම පඤ්ඤාසාර හිමි, ඉඳුරාගාරේ ධම්මරතන හිමි දම් දෙසුම් පවත්වති. 27 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ පසු දා උදෑසන සපිරිකර සංඝගත දක්ෂිණාව පැවැත්වේ. පොසොන් පෝදා විහාරස්ථ දහම් පාසලේ ගුරු සිසු දෙපිරිස පවත්වන සැදැහැ ගී සරණිය රාත්‍රී 7ට පැවැත්වේ.