Print this Article


ජා- ඇල පොසොන් කලාපය

ජා- ඇල පොසොන් කලාපය

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මැතිතුමාගේ සංකල්පයකට අනුව නලීන් ප්‍රනාන්දු පදනමත්, ජා - ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කරනු ලබන “පොසොන් කලාපය (පොසොන් පොහෝ දින හා (21) 22 හා 23 යන දිනයන්හි දී සවස 6.00 සිට ජා ඇල ඒකල නගරයේ දී පැවැත්වේ.

මෙහිදී පාසල් හා රාජ්‍ය යන අංශයන්ගෙන් විවෘත පහන් කූඩු තරගයක් පැවැත්වෙන අතර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට වටිනා මුදල් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය ද සිදු කෙරේ.

සර්වඥා ධාතු ප්‍රදර්ශනය, අටවිසි බුද්ධ මන්දිර, “සදහම් මහිම” කතාව ඇතුළත් විචිත්‍රවත් තොරණ, පාසල් හා රාජ්‍ය අංශයේ විවෘත පහන් කූඩු තරගය හා ප්‍රදර්ශනය, භක්ති ගීත, රූකඩ සංදර්ශන, වීදි නාට්‍ය, මිහින්තලා ආකෘතිය, දන්සැල් ඇතුළුව අක්ෂිදාන සංගමය මඟින් පොරොන්දු පත්‍ර අත්සන් තැබීම ආදි වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇත.