Print this Article


මල්වතු මහ නාහිමිපාණන් වහන්සේ පදවිප්‍රාප්තියේ විසිවස් පූර්ණය සපුරති

මල්වතු මහ නාහිමිපාණන් වහන්සේ පදවිප්‍රාප්තියේ විසිවස් පූර්ණය සපුරති

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක පදවියට පත් වී මේ මස 20 වන දිනට විසි වසරක් සපිරේ. අතිපූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්සි මහනාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ මහානායක පදවියට පත් වී වදාළ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසි හය වන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙති. සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස දීර්ඝ කාලයක් ලෝක ශාසනික මෙහෙවරෙහි නිරත වීම පිණිස අතිපූජ්‍ය ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ධෛර්යය ශක්තිය ලැබේවා'යි ප්‍රාර්ථනා කොට සිටිමු.