Print this Article


ධර්ම රශ්මි හෝමාගම පොසොන් කලාපය

ධර්ම රශ්මි හෝමාගම පොසොන් කලාපය

ධර්ම රශ්මි හෝමාගම පොසොන් කලාපය මෙම 21, 22, 23, යන දිනයන්හි දී අත්‍යලංකාරයෙන් පැවැත්වේ. දියගම, පිටිපන, දාම්පේ, මීගොඩ, ගොඩගම, පනාගොඩ, හෝමාගම ආවරණය කරමින් කිලෝමීටර 13ක පැතිරෙන මෙම පොසොන් කලාපය පහන්කුඩු තරග, දන්සල, සදහම් ගීත ප්‍රසංගය ඇතුළු සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක වේ. සංවිධායකත්වය හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම ප්‍ර‍්‍රාදේශීය සභාව, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලය, ශී‍්‍ර ලංකා යුද හමුදාව හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව සිදු කරයි.

මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනයෙනි.