Print this Article


බාඕජි ආරාමය

බාඕජි ආරාමය

කලකට පෙර වෙන්ෆෙන්ග් ආරාමය ලෙස හැඳීන්වූ බාඕජි ආරාමය, චොංකිං හි යොංචුවාන් හි උණ බම්බු වනාන්තරයක පිහිටා ඇත. එය නැඟෙනහිර හැන් රාජවංශයේ බාඕජි මහා භික්ෂුව විසින් ඉදිකරන ලද්දකි.

වසර 2000 කට ආසන්න ඉතිහාසය තුළ, බාඕජි විහාරය යුද්ධයෙන්, කොල්ලකෑමෙන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දී ඇත. පසුව එය විනාශ වී ඇති අතර, වර්තමානයේ බාඕජි විහාරය නැවත ගොඩනඟන ලදී.

වසර 40 ක ප්‍රතිසංස්කරණයකින් පසු යළි ගොඩනැඟෙන මෙම ආරාමය බෞද්ධ ශුද්ධ භූමියක් ලෙස සැලකේ.

මෙම විහාරය අක්කර 100 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. බිජියා කන්දේ පිටුබලය ඇති, මකරුන් විසින් ආරක්ෂා කරන ලද බාඕජි ආරාමය අද්විතීය ස්ථානයක් ලෙස සලකයි. ප්‍රධාන දොරටුවේ සිට ඉහළට බලන විට, කන්ද දිගේ මනාව සමානුපාතික ව ඉදිකර ඇති දිව්‍ය රාජ ශාලාව, මහාවීර ශාලාව සහ බෞද්ධ සූත්‍ර කුළුණ දක්නට ලැබේ.

මෙම ආරාමය තේ කඳු සහ උණ වනාන්තරය යන සුන්දර දර්ශනවලින් වටවී ඇති අතර, එය ඉතා සුන්දර ය. නෙළුම් මල, යුවාන් පොකුණ, වැනි බෞද්ධ සංස්කෘතික අංගයන් සියල්ල ම මෙහි පවතී. සෙන් සංගීතයට සවන් දීමට සහ සන්සුන් භාවයේ දුර්ලභ මොහොතක් සොයා ගැනීමට මෙම ආරාමය වෙත බැතිමතුන් ඇදී එයි.

චීනයේ බොහෝ විහාරස්ථාන වෙන්ව ඇත්තේ ගුවන්යින් බෝධිසත්ත්ව, ශාක්‍යමුනි බුදුන් සහ මෛත්‍රී බුදුන් උදෙසා ය. දැනට චීනයේ බුද්ධාගමේ ප්‍රධාන නිකායන් අටක් පවතින අතර, ප්‍රධාන වන්නේ සෙන් බුදුදහමයි.

චීන බුද්ධාගමේ වඩාත් ජනප්‍රිය චරිතයක් වන්නේ බෝධිසත්ව ගුවාන්යින් ය. ඔහු ලෝකයේ විලාපය වටහා ගන්නා තැනැත්තා ය. ලෝකයේ දුක් වේදනාවලට උපකාර කරන උත්තරීතර ජීවියෙකු ලෙස ගුවාන්යින් චීන බෞද්ධයන්ගේ සහ මාඕවාදීන්ගේ භක්ති පිළිවෙත්වල ප්‍රධාන චරිතයක් බවට පත්ව ඇත.

පුද්ගලයා ශාරීරික ව හා මානසික ව රිදවන විට, සුවය ලබා දෙන්නේ ගුවාන් බෝධිසත්වයන් වහන්සේ ය. එම දයානුකම්පිත හදවතට අපගේ කැළැල් සුව කිරීමට, අපගේ ආත්මයන් සැනසීමට සහ පෝෂණය කිරීමට හැකි ය. බෝධිසත්වයන් වහන්සේට වන්දනා කරන සෑම අවස්ථාවක ම සැදැහැවතුන්ගේ හදවත් පතුලේ සිට සන්සුන්කම හා සාමය දැනිය හැකි ය. ජීවිතයේ සියලු අභියෝග සහ දුෂ්කරතාවලට නිර්භීත ව මුහුණ දිය හැකි ය.

මෛත්‍රි නොහොත් මෙත්තේය යනු මේ ලෝකයේ අනාගත බුදුන් ලෙස සලකනු ලබන බෝධිසත්වයෙකි.

පළමු සියවසේ සිට, බුදුදහම චීනයට ඇතුළු වූ විට, විදේශීය ආගම, චීන දර්ශනය, විශ්වාසයන් සහ චාරිත්‍ර වාරිත්‍ර හැඩගස්වා ඇත. ඒ අතරම, බුදුදහම චීන ජාතිකයන්ගේ භෞතික ලෝකය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළේ ය.

බුදුදහම පුරාණ චීනයේ තුන්වැනි ප්‍රධාන විශ්වාස පද්ධතිය විය. එය ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ දී පමණ ඉන්දියාවේ විසූ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලදී. පළමු ශතවර්ෂයේ දී බුද්ධාගම චීනයේ ව්‍යාප්ත වී ප්‍රචලිත විය. බුදුදහම චීනයේ ජනප්‍රිය වීමට එක් හේතුවක් වූයේ තාඕ ආගමයි. සමහර බෞද්ධ පිළිවෙත් තාඕවාදී ක්‍රමයට සමාන වූ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේ චීන ජාතිකයින්ට බුදුදහම පැහැදිලි කිරීමට තාඕවාදී සංකල්ප භාවිත කළහ.

තාඕවාදීන් පිටපත් කර වෙනස් කරන ලද එහි ආයතනික ව්‍යුහය සමඟ බුදුදහම තාඕවාදයට ද බලපෑම් කළේ ය. බුදුදහම වඩාත් ප්‍රචලිත වූ විට, එහි සංකල්ප තාඕවාදී සහ කොන්ෆියුෂියානු අදහස් සමඟ ඒකාබද්ධ වී පුරාණ චීන සමාජයේ පදනම බවට පත්විය. එහි බලපෑම චීන කලාව, ගෘහ නිර්මාණ ශිල්පය සහ සාහිත්‍යය තුළ දක්නට ලැබේ. කොන්ෆියුෂියානුවාදය, තාඕවාදය සහ බුද්ධාගමේ වටිනාකම් සහ අදහස් අදටත් චීන සංස්කෘතිය තුළ පවතී.