ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරය
 හැම්බර්ග්, හැනෝවර් සහ ඛේමන් යන ජර්මනියේ ප්‍රධාන නගර තුනකට මැදිව මනස්කාන්ත
පරිසරයක ලෙස ප්‍රසිද්ධ ව ඇති “uenerbuy Heide”නමින් හැඳින්වෙන සුවිශේෂී තණබිම්
ප්‍රදේශයක් වූ Sehnererdingen නම් නගරයේ 2014 වර්ෂයේ ශ්‍රී ලංකා මහා විහාරය ආරම්භ
කරන ලදී. ජර්මනියේ සඟ සතුකොට පූජා කරන ලද එකම විහාරස්ථානය සේ ම ජර්මන්භූමියේ
චෛත්‍යය රාජයාණන් වහන්සේ නමක් වැඩ සිටින එකම විහාරස්ථානය ද මේ ශ්‍රී ලංකා මහා
විහාරයයි. රත්මලේ පුඤ්ඤරතන ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි මෙහි නිර්මාතෘන්
වහන්සේ වන අතර උන්වහන්සේගේ ශිෂ්‍යයන් වන මහදමනේ අස්සජී හිමියන් විහාරාධිපතිධුරයත්,
පුංචිවැව සිරිනන්ද හිමියන් විහාරාධිකාරී ධූරයත් හොබවනු ලබති.
|