Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති

මොණරාගල හුලංදාව දකුණ සිරි ගැමුණුතිස්ස විහාරවාසී මාගන්දාඔයේ නන්දසාර සහ වනාතවිල්ලුවේ ධම්මාලෝක යන සාමණේර ස්වාමීන් වහන්සේ ජුනි මස 12 වෙනි දින මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවන ලදී.

දොඹගහවෙල මාගන්දාඔය ජනපදයේ අංක 40 පදිංචි නැසීගිය ආර්.එම්. මුතුබණ්ඩා සහ කේ.ඒ. සීලවතී යන යුවළගේ පුතණුවන් වන මාගන්දාඔය නන්දසාර හිමි සහ පුත්තලම වනාතවිල්ලුව විජයපුර බටහිර අංක 10 පදිංචි නැසීගිය ජී.ඒ.එම්. ගුණරත්න සහ නැසීගිය ජේ.ඒ. පේමවතී යන යුවළගේ පුතණුවන් වන වනාතවිල්ලුවේ ධම්මාලෝක යන සාමණේර ස්වාමීන් වහන්සේ සිරි ගැමුණුතිස්ස විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී විනයාලංකාර ශාස්ත්‍රවේදී අරාවත්තේ පඤ්ඤාකිත්ති ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උපසම්පදා සීලයෙහි පිහිටුවීම සිදු කෙරිණි.

එම ස්වාමීන් වහන්සේ දෙනම ජුනි 12 උපසම්පදා සීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව ජුලි මස (20) වැනි දින පිළිගැනීමේ උත්සවය සහ මංගල ධර්ම දේශනය මොණරාගල හුලංදාව දකුණ සිරි ගැමුණුතිස්ස විහාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරේ.