Print this Article


බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය -  03 කොටස

දහම් පාසල් අවසාන විභාගයට අත්වැලක්:

බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය -  03 කොටස

2552 - දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2008 - 2009

I කොටස

1.

(අ) සචේතනික ක්‍රියා - අචේතනික ක්‍රියා යන පදවල අර්ථය ලියන්න.

(ආ) මේවායින් කර්මය බවට පත්වන්නේ කවරක් දැයි ලියා එහි ප්‍රධාන බෙදීම් දෙක නම් කරන්න

(ඉ) “විපාක දෙන කාල අනුව කර්මය

සතර වැදෑරුම් වේ.” ඒ සතර

නම් කර කෙටියෙන් හඳුන්වන්න.

(ඊ) ත්‍රිවිද්‍යාවන් අතරෙන් පුනර්භවයක්

ඇතැයි සනාථ වන ඤාණ දෙක

දක්වා, කර්මය හා පුනර්භවය අතර

ඇති සම්බන්ධතාව පෙන්වා දෙන්න.

2.

(අ) නිවන (නිබ්බාණ) යන්නෙන් ප්‍රකාශ

වන එක් අර්ථයක් දක්වා එය අයත්

වන සත්‍ය නම් කරන්න.

(ආ) නිවනෙහි පළමු පියවර කවරේදැයි

ලියා එමඟින් නැසෙන සංයෝජන ධර්ම දක්වන්න.

(ඉ) එම සංයෝජන ධර්ම කෙටියෙන්

හඳුන්වන්න.

(ඊ) “සසර දුක නම් නිවන පරම සුවයයි” නිවන පරම සුවයක් ලෙස දේශනා

කිරීමට හේතු සාධක ඉදිරිපත්

කරන්න.

3.

(අ) “තෘෂ්ණාව ත්‍රිවිධ ය.” ඒවායින්

දෙකක් දක්වන්න.

(ආ) එම ප්‍රභේද දෙක හඳුන්වන්න.

(ඉ) තණ්හාව ඇතිවන්නේ කවරක් නිසා

දැයි ලියා, එම තණ්හාව සඳහා විවිධ

අවස්ථාවන්හි යෙදෙන සමාන නාම

පද හතරක් දක්වන්න.

(ඊ) ලෝකයේ විවිධ ගැටලු පැන නැඟීමට තෘෂ්ණාව හේතු වන ආකාරය පැහැදිලි කරන්න.

4.

(අ) පටිච්ච සමුප්පාදය සඳහා භාවිත කරන තවත් නමක් ලියා පටිච්ච සමුප්පාද යන්නෙහි අර්ථය දක්වන්න.

(ආ) එම ධර්මය (පටිච්ච සමුප්පාදය) ඉදිරිපත් කරන කෙටි සූත්‍රය ලියන්න.

(ඉ) පටිච්ච සමුප්පාද ධර්මයට අයත් ප්‍රත්‍ය මාලාව දක්වා එය ගමන් ගන්නා ආකාරය කෙසේ දැයි පෙන්වා දෙන්න.

(ඊ) “සංසාර දුක් ඇතිවන හා නැතිවන

ආකාරය පෙන්වා දීමට මෙන් ම,

සමාජගත දුක් ඇතිවන හා නැතිවන

ආකාරය පෙන්වා දීමට ද පටිච්ච

සමුප්පාදය යොදා ගෙන ඇත.

පැහැදිලි කරන්න.

II කොටස

5.

(අ) ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි එන

සම්මා සති හා සම්මා සමාධි යන අංග උපයෝගී වන භාවනා නම්

කරන්න.

(ආ) එකී භාවනාව හඳුන්වන සමානවාචී

පද දෙක දක්වා එම භාවනාව

වැඩීමෙන් ලද හැකි ප්‍රතිඵල දෙකක්

සඳහන් කරන්න.

(ඉ) එම භාවනාවට අයත් කර්මස්ථාන

සංඛ්‍යාව කොපමණ දැයි දක්වා එය

නම් වශයෙන් ලියන්න.

(ඊ) “බෞද්ධ ආර්ය මාර්ගයේ උසස්තම

පියවර ප්‍රඥාව සාක්ෂාත් කර

ගැනීමයි.” මෙයට අදාළ භාවනාව

ලියා එම ප්‍රඥාව සාක්ෂාත් කර

ගන්නා අයුරු පෙන්වා දෙන්න.

6.

(අ) කවර නම් සිත් විශේෂයක් කාමාවචර

නමින් හඳුන්වන්නේ දැයි දක්වන්න.

(ආ) එයට අයත් සිත් සංඛ්‍යාව දක්වා එහි

ප්‍රභේද නම් කරන්න.

(ඉ) මෝහමූලික සිත් දෙක ලියා, එම

සිත්වල විශේෂයෙන් දක්නට ලැබෙන

ලක්ෂණ දෙක ද පෙන්වා ඒවා

හඳුන්වන්න.

(ඊ) කුසලාකුසල සිත් මූලයන් නම් කර

ඒවා අභිධර්මයේ දී හඳුන්වන්නේ

කවර නමකින් දැයි පෙන්වා ඊට

අදාළ නොවන සිත් සංඛ්‍යාව ද

දක්වන්න.

III කොටස

7. පහත සඳහන් ගාථා සිංහලයට

නගන්න.

විරූපක්ඛෙහි මේ මෙත්තං -

මෙත්තං ඵරාපථෙහි මේ

ඡඛ්‍යා පුත්තෙහි මේ මෙත්තං -

මෙත්තං කණ්හාගෝ

තමකෙහිච

අපාදකේහි මේ මෙත්තං -

මෙත්තං දීපාදකේහි මේ

චතුප්පදේහි මේ මෙත්තං -

මෙත්තං බහුප්පදේහි මේ

මාමං අපාදකො හිංසි -

මා මං හිංසි දිපාදකෝ

මාමං චතුප්පදෝ හිංසි -

මා මං හිංසි බහුප්පදෝ

සබ්බේ සත්තා සබ්බේ පාණා - සබ්බේ භූතාච කේවලා

සබ්බේ භද්‍රානි පස්සන්තු -

මා කඤ්චි පාපමාගාමා

කායේන වචා චිත්තේන -

පමාදේන මයා කතං

අච්චයං ඛම මේ භන්තේ - භූරිපඤ්ඤ තථාගත

8. පහත දැක්වෙන පාලි ඡේද සිංහලයට

නගන්න.

(අ) සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න

පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියෝ හෝති, දේවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති. තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණෝ විප්පසීදති.

අසම්මූළ්හෝ කාලං කරොති. උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්ම ලෝකුපගෝ හෝති.

(ආ) තං සූත්වා තෙ කොට්ඨාසද්වයං

අමතං විය පරිභුඤ්ජිංසු, අන්තිමං

පන කොට්ඨාසං ගහෙත්වා තිස්ස

කුමාරෝ භත්ත පිණ්ඩං භූමියං

පාතෙසි, ගාමිණී’පි තතෙව ඛිපිත්වා

වුට්ඨාය සයනං ගතො හත්ථපාදෙ

සංකුචිත්වා නිපජ්ජි, තං දිස්වා

විහාරදේවි සයනං වූපගන්ත්වා

“පුත්ත කිමත්ථං හත්ථ පාදෙ

පසාරෙත්වා සුඛෙන න නිපජ්ජසි,

සුඛං සයාති” ආහ. කුමාරො තස්ස

නං කාරණං කථෙන්තො එවමාහ.

පිළිතුරු

I කොටස

01)

අ) සචේතනික ක්‍රියා -

සිත් මුල්වී සිදු කරන ක්‍රියා

අචේතනික ක්‍රියා -

සිත මුල් නොවී සිදු වන ක්‍රියා

ආ) සචේතනික ක්‍රියා

කුසල කර්ම

අකුසල කර්ම / වශයෙනි

ඉ)

1. කර්ම විපාක දීමේදී ඒ හේතුවට සම්බන්ධ වූ ආත්මභාවය තුළ දී ම, එකී පඤ්ච ස්කන්ධය පවතිද්දී ම (දිට්ඨෙ වා ධම්මේ) සිදුවීම.

2.ඊට ආසන්න වූ ආත්ම භාවයේ දී (උප්පජ්ජේවා ) විය හැකි ය.

3.සංසාරික ජීවිතයේ කවර හෝ අවස්ථාවක දී (අපරේ වා පාරියොයේ) විය හැකි ය.

4.අනුපාදිශේෂ පරිනිර්වාණය ලබන තෙක් කර්මය විපාක දිය හැකි ය.

ඊ) 1. පුබ්බේනිවාසානුස්සති ඤාණය

2.චුතූපපාත ඤාණය

කුසලාකුසල කර්ම රැස්කිරීමෙන් ඒවාට ම අයත් කුසල විපාක හා අකුසල විපාක හිමි වේ. අකුසල විපාක මඟින් සතර අපාය ආදි නරක තැන්වල උපත සිදු වේ. කුසල විපාක මඟින් ස්වර්ග සම්පත්තිය හිමි වේ. රැස් කරන කර්මයට අනුව විපාකය ද ඇති කරයි. එසේ විපාක ලබා දීම පුනර්භවයයි. කර්මය හා පුනර්භවය අතර ඇත්තේ ප්‍රබල සම්බන්ධයකි.

02)

අ) නැවැත්ම

නිරෝධ සත්‍යය

ආ) සෝතාපත්ති ඵලය

සක්කායදිට්ඨිය

විචිකිච්ඡාව

සීලබ්බත පරාමාසය

ඉ) සක්කාය දිට්ඨි –

මම ය මාගේ ය යන හැඟීම

විචිකිච්ඡා – බුද්ධාදී අටතැන්හි සැකය හෙවත් සසර හා නිවන පිළිබඳ සැක ඇති වීම.

සීලබ්බතපරාමාස – මිථ්‍යා ශීල හා ව්‍රත මඟින් නිවන අවබෝධ කළ හැකි ය යන විශ්වාසය.

ඊ) නිවන පරම සුවයකි. නිවන් සුවය සාක්ෂාත් කළ පුද්ගලයා නැවත කවදාවත් සංසාරික දුකට භාජනය නොවේ. එබැවින් නිවන් සුවය වෙනස් නොවන ස්ථිර සැපයකි. සියලු දුක් නසා දැමීම නිසා නිවන පරම සුවයකි.

03)

අ) 1. පස්කම් සැප පිළිබඳ තෘෂ්ණාව (කාම තණ්හාව)

2. නැවත නැවත ඉපදීම පිළිබඳ තෘෂ්ණාව (භව තණ්හාව)

ආ) කාම තණ්හාව යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය යන පංච කාම වස්තුන් කෙරෙහි ඇලීම්, බැඳීම් වශයෙන් ඇති කර ගන්නා ආශාව වේ.

භව තණ්හා යනු භවය පැතීම වශයෙන් උපන් ශාස්වත දෘෂ්ටිය සමඟ පැවති රූපඅරූප භවයන්හි ඇල්ම හා ධ්‍යාන සැප පිළිබඳ සියුම් ඇල්ම ද භව තණ්හා වේ.

ඉ) වේදනාව නිසා තෘෂ්ණාව ඇති වේ.

ලෝභය, රාගය, පේ‍්‍රමය, ආශාව

ඊ) සත්ත්වයා කරන සියලු දෙය සැප අරමුණු කර ගෙන පවතී. හේ සැපයට කැමැති ය. දුක් පිළිකුල් කරයි. තමන් කැමැති දේ ලබා ගැනීමට උත්සාහ කරයි. ආත්මාර්ථකාමීත්වය, මමත්වය, අස්මිමානය යනාදි නම්වලින් හඳුන්වන්නේ ද තෘෂ්ණාවෙහි ම විවිධ අංශයන් ය. මිනිසා කුසලයට මෙන් ම අකුසලයට ද නැඹුරු වන්නේ තෘෂ්ණාව නිසා ය. ලෝකයේ විවිධ ගැටලු ඇතිවීමට තෘෂ්ණාව හේතුවන බව පැහැදිලි වේ.

4)

අ) හේතුඵල සිද්ධාන්තය

පටිච්ච සමුප්පාදය යන්නෙහි අර්ථය යම්කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් ඇති වීමයි.

ආ) නිධාන සංයුක්තය.

ඉ)අවිද්‍යාව හෙවත් නොදැනීම නිසා කුසලාකුසල කර්ම රැස් කරයි. එනම් අවිද්‍යාව නිසා සංස්කාර හට ගැනීමයි. විඥානය මවු කුසට බැස ගන්නේ ඒ සංස්කාරයන් නිසා ය. විඥානය නිසා නාමරූප පහළ වේ. නාම රූපයක් හේතු කොට ගෙන චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ආයතන සය හට ගනී. ස්පර්ශය ඇති වන්නේ එකී ආයතන මඟිනි. ස්පර්ශ නිසා වේදනාව ඇතිවේ. තණ්හාව ඇතිවන්නේ වේදනාව මුල් කරගෙන ය. තණ්හාව නිසා කාමාදී අරමුණු හාත්පසින් අල්වා ගනී. උපාදානය යනු ඒ අල්වා ගැනීමයි. භවය ඇති වන්නේ එහෙයිනි. භවය නිසා ජාතිය ද, ජාතිය නිසා ජරා මරණ ද හට ගනී.

ඊ) බුද්ධ ධර්මය විවිධ උපමා රූපක යොදා ගනිමින් උත්සාහය දරන්නේ දුක පිළිබඳ යථාවබෝධයක් ඇති කිරීමට. මෙය සමාජගත දුක, චිත්ත සන්තානගත දුක යැයි අවස්ථා දෙකකින් පැහැදිලි කරයි. සමා ගත දුක ඇති වන්නේ බාහිර හේතු ප්‍රත්‍ය සමවායෙනි. “චක්කවත්තී සීහ නාද සූත්‍රයේ දී සක්විතිවත් හෙවත් රාජ ධර්ම නොපුරන, දිළින්දාට නිසි පරිදි ධනය ලබා ගැනීමට මාර්ග සකස් නොකරන, පාලකයන් නිසා සමාජය තුළ අසහනය ඇති වන ආකාරය පෙන්වා දී ඇත. තෘෂ්ණාව මුල් කොට ගත් වේදනාව හා සමඟ වෙනත් හේතු රාශියක සමවායෙන් කලි – කලහ, විග්‍රහ, විවාද ආදි අනේක අකුසල ධර්ම මිනිස් සමාජය තුළ හට ගන්නා හැටි මහා නිදාන සූත්‍රයේ විවරණ වේ. සමාජගත දුක පවා නසා දැමීමට පටිච්ච සමුප්පාදය යොදා ගත හැකි ය.

II කොටස

05)

අ) සමථ භාවනාව

ආ) සමාධි භාවනාව චිත්ත භාවනාව

පංච නීවරණ යටපත් වීම

සිත එක් තැන්වීම

අෂ්ට සමාපත්තිය හා පංච උපාදාන උපදවා ගැනීම

ඉ) කර්මස්ථාන 40කි.

දස කසිණ 10

දස අසුභ 10

දස අනුස්සති 10

චතු බ්‍රහ්ම විහාර 4

චතු ආරුප්ප 4

ආහාරයෙහි පටික්කුල සඤ්ඤාව 1

චතු ධාතු වචත්ථාන 1

ඊ) විපස්සනා භාවනායි

බෞද්ධ ආර්ය මාර්ගයේ උසස්තම පියවර වන ප්‍රඥාව සාක්ෂාත් කර ගැනීම සඳහා බාහිර හා ආධ්‍යාත්මික ලෝකය දෙස යථාර්ථවත් ව බැලිය යුතු ය. එය කළ හැක්කේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිවිධ ලක්ෂණයක් හඳුනා ගැනීමෙනි. සිත එකඟ කිරීමකින් තොරව එය ක්‍රියාත්මක කළ හැකි නොවේ. යෝගාවචරයකු වීම සඳහා අවශ්‍ය මූලික අංගයන් සම්පූර්ණ කොට තිදොර සංවර කරගෙන අනතුරුව යොනිසෝ මනසිකාරයෙන් යුතුව අනිත්‍ය ලක්ෂණයන් දෙස බැලීම විපස්සනා භාවනාව තුළින් දැකිය හැකි ය.

6)

අ) එකම සිත ඒ ඒ අවස්ථා අනුව වර්ග කෙරෙනුයේ එකිනෙකට ඇති විශේෂ ලක්ෂණ සලසාගෙන ය. කාමාවචර නමින් කාමලෝකයන්හි උත්පත්තිය ලැබීමට හේතුවන්නා වූ ද, අපාය, මිනිස් ලොව හා දෙව්ලොව යන එකී කාම භූමියන්හි බහුල වශයෙන් ක්‍රියාත්මක වන්නා වූ ද සිත් කාමාවචර නමින් හැඳින්වේ.

ආ) කාමාවචර සිත් 54කි

අකුසල සිත් 12

අහේතුක සිත් 18

සෝභන සිත් 24

ඉ)

1. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත

2. උපේක්ඛා සහගත උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත

විශේෂ වශයෙන් මෝහමූලික සිත්වල දක්නට ඇති ලක්ෂණ දෙකක් නම් විචිකිච්ඡාවෙන් යුක්ත වීම හා උද්ධච්චයෙන් යුක්ත වීමයි. විචිකිච්ඡා නම් සැකය යි. තෙරුවන් පිළිබඳ සැක සහිත බව එයින් අදහස් කෙරේ.

උද්ධච්ච නම් කලබල ගතිය හෙවත් නොසන්සුන් බවයි. ලෝක ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමේ ශක්තියක් මේ මෝහ මූලික සිත්වලට නැත. එහෙයින් ලෝභ මූලික හෝ දෝස මූලික සිත්වලින් කෙරෙන පමණ බැරෑරුම් අකුසල කර්ම තම සිත්වලින් සිදු නොවේ.

ඊ) ලෝභ, දෝස, මෝහ, අලෝභ, අදෝස,අමෝහ

සෝභන, අසෝභන ලෙසිනි. සහේතුක සිත් 18 එම ගණයට අයත් නොවේ.

අහේතුක අකුසල විපාක 7

උපේක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය

උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණය

උපේක්ඛා සහගත ඝාණ විඤ්ඤාණය

උපේක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය

දුක්ඛ සහගත කාය විඤ්ඤාණය

උපේක්ඛා සහගත සම්පටිච්ඡන

උපේක්ඛා සහගත සන්තීරණය

අහේතුක කුසල විපාක 8

උපේක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය

උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණය

උපේක්ඛා සහගත ඝාණ විඤ්ඤාණය

උපේක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය

සුඛ සහගත කාය විඤ්ඤාණය

උපේක්ඛා සහගත සම්පටිච්ඡන

සෝමනස්සසහගත සම්පටිච්ඡන්න සන්තීරණය

උපේක්ෂාසහගත සම්පටිච්ඡන්න සන්තීරණය

අහේතුක ක්‍රියා 3

උපේක්ඛාසහගත පඤ්චද්වාරාජ්ජන සිත

උපේක්ඛා සහගත මනොද්රාවජ්ජන සිත

සෝමනස්ස සහගත හසිතුප්පාද සිත

හේතු ධර්ම මුල් කොට ගෙන පහළ වන සිත් සහේතුක නම් වන අතර, එයින් තොරව ඇති වන සිත් අහේතුක නම් වේ. අටළොස් වැදෑරුම් වන අහේතුක සිත් මාලාව අකුසල විපාක සිත් සතකින් ද, කුසල විපාක සිත් අටකින් ද, ක්‍රියා සිත් තුනකින් ද යුක්ත වේ.

III කොටස

7)

1. මාගේ මෛත්‍රිය විරූපාක්ෂයන් සමඟ වේවා. මාගේ මෛත්‍රිය ඒරාපථයන් සමඟ වේවා. මාගේ මෛත්‍රිය ජබ්බය්‍යපුත්තයන් හා සමඟ වේවා. මාගේ මෛත්‍රිය තණ්හා ගෝතමකයන් හා සමඟ වේවා.

2.මාගේ මෛත්‍රිය පා නැති සතුන් සමඟ වේවා. මාගේ මෛත්‍රිය දෙපා සතුන් සමඟ වේවා. මාගේ මෛති‍්‍රය සිවුපා සතුන් සමඟ වේවා. මාගේ මෛත්‍රිය බොහෝ පා ඇති සතුන් සමඟ වේවා.

3. පා නැති සතෙක් මට හිංසා නොකෙරේවා දෙපා සතෙක් මට හිංසා නොකෙරේවා. සිවුපා සතෙක් මට හිංසා නොකෙරේවා. බොහෝ පා ඇති සතෙක් මට හිංසා නො කෙරේවා.

4. හැම සත්හු ද, හැම ප්‍රාණීහු ද හැම භූතයෝ ද යන සියල්ලෝ ම යහපත දකිත්වා. කිසිම සතකු වෙත දුකක් නො පැමිණෙත්වා.

5. මාගේ සිතින් කයින් වදනින් සිදුවූ සියලු වරදට ඒ උතුම් වූ බුද්ධ රත්නයෙන් ද මා හට සමාව ලැබේවා.

8)

අ) සුව සේ නිදයි. සුව සේ පිබිදෙයි. නරක සිහින නොදකී. මිනිසුන්ට පි‍්‍රය වෙයි. අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි. දෙවියන් රකියි. ගිනි හා විෂ හෝ ආයුධ ඔහුගේ සිරුරට නොවදී. වහා සිත එකඟ වෙයි. මුහුණේ වර්ණය පැහැය වෙයි. සිහි නුමුළාව කලුරිය කරයි. බඹලොව උපදී.

ආ) එය අසා (තුන් කොටසින්) දෙකොටසක් අමෘතය මෙන් අනුභව කළාහු ය. අන්තිම කොටස ගත් තිස්ස කුමරු බත් පිඬු බිම හෙළීය. ගැමුණු කුමාරයා ද එසේම ඉවත දමා නැඟිට යහනට ගියේ අත් පා හකුළා වැද හොත්තේ ය. ඒ දැක විහාරදේවිය ඇඳ ළඟට අවුත් පුත කුමක් නිසා අත් පා දිග හැර සුව සේ නොනිදන්නෙහි ද? සුව සේ නිදන්නැයි කීවා ය. කුමරා ඈට ඒ කරුණු (හේතු) කියන්නේ මෙසේ ය.