Print this Article


 වෙසක් තොරණ

වෙසක් පින්කම්

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ උත්තම ශ්‍රී ධාතු වන්දනාව මැයි 23 සහ 24 යන දිනයන්හි දී බුත්තල යුදඟනාව රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් වැඳීකුඹුර පුරාණ රාජමහා විහාරස්ථානයේ මැයි 24 වෙනිදා සිට තෙදිනක් තුළ පැවැති සර්වඥධාතු ප්‍රදර්ශනය වැඳපුදා ගැනීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

ලංකා සීනි සමාගමට අයත් පැලවත්ත සීනි කර්මාන්තායතනයේ බෞද්ධ සංගමය මඟින් වෙසක් උත්සවය නිමිත්තෙන් බුද්ධ රශ්මි වෙසක් කලාපයක් සංවිධානය කර තිබිණි.

වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරයේ පැවැත්වූ කප්රුක් පූජාව ඉකුත් දා යුදඟනාව චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස දී පැවැත්විණි.