Print this Article


බදුගම වංගීස නාහිමියන්ගේ මඟපෙන්වී‍ෙමන් ඖෂධ දන්දීමේ පින්කමක්

බදුගම වංගීස නාහිමියන්ගේ මඟපෙන්වී‍ෙමන් ඖෂධ දන්දීමේ පින්කමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඇඟලුම් හා ඖෂධ දන්දීමේ පින්කමක් වෙසක් සතිය නිමිති කර ගනිමින් බදුගම ශ්‍රී ධම්මානන්ද විහාරාධිපති බදුගම වංගීස නාහිමියන්ගේ අනුශාසනා හා මඟපෙන්වීම මත සිදු කෙරිණි.

ප්‍රජා පොලිස් ඒකකය, ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම, ගම්වාසීන් හා බදුගම ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති එච්.ඒ. ජයසිංහ, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති අනුර රංජිත් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූ මෙම පින්කමේ දී ආකල්ප සංවර්ධන උපදේශක ආචාර්ය දිසාන පීරිස් මහතාගේ විශේෂ දේශනයක් ද පැවැත්වුණි.