Print this Article


බවුන් වඩන උතුමාණෝ

බවුන් වඩන උතුමාණෝ

පුලින තලාවක
තුරු සෙවණෙහි
බවුන් වඩන්නේ
නිවන් පතන්නේ

උඩ යට ඇති දෙය
දෙස නොබලන්නේ
නොබලනා සත
එය නොසිතන්නේ
බඹයක් වූ ගත තුළ
ඇති නිවන සොයා ගන්නට
වීරිය අරගෙන
ක්‍රියා කරන්නේ
බවුන් වඩන උතුමාණෝ