Print this Article


වෙසක් පුරා හඳ නැගෙන තුරා

වෙසක් පුරා හඳ නැගෙන තුරා

ලුම්බිණියේ වන පැළෑටියක් වෙමි
බුදු සමිඳුන්ගේ ගුණ ගයනා
සමිඳුනි ඔබේ පා පියුම් වඳින්නෙමි
වෙසක් පුරා හඳ නැඟෙන තුරා

බුද්ධගයාවේ බෝධි පතක් වෙමි
බුදු සමිඳුන් හට සෙවණ පතා
වෙසක් පොහෝ දින පවන් සලන්නෙමි
බුදු බව ලැබ දම් දෙසන තුරා

කුසිනාරාවේ සාල රුකක් වෙමි
මල්ල රජුන්ගේ උයන සොයා
බුදු චිතකය ළඟ හඬා වැටෙන්නෙමි
බුදු බණ දෙසවන වැකෙන තුරා