Print this Article


සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගය

සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගය

වෙසක් පුන් පෝ දිනය නිමිත්තෙන් දැයේ දූ දරුවන්ගේ යහපත් ආකල්ප, ගුණධර්ම හා ලේඛන කුසලතාව ඔප්නංවනු පිණිස බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශයේ සංවිධානයෙන් දහම් පාසල්/පාසල් දරුවන් සඳහා දීප ව්‍යාප්ත රචනා තරගයක් සංවිධානය කොට තිබේ.

මාතෘකා

1. ළමා ලෝකය ආලෝකවත් කරන්නට සිදුහත් කුමාර චරිතයේ ආදර්ශ

2. අප්‍රමාදීබව දෙලොව දියුණුව සදයි

3. කීකරුකම ජීවිතයට ආභරණයකි

4. යහපත් සමාජයකට කාලාම සූත්‍රයෙන් ලබා දෙන පණිවුඩය

5. අරුත්බර වෙසක් පෝදාක අසිරිය විඳිමු

කොන්දේසි

* තරගයට ඉදිරිපත් වන දරුවන් වයස අවුරුදු 10 - 15ත් අතර විය යුතු ය

* රචනාව පැහැදිලි අත් අකුරින් ලිවිය යුතු අතර වචන 200 - 250ත් අතර විය යුතු ය (සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ද සඳහන් කරන්න)

* රචනාව අදාළ ශිෂ්‍ය ශිෂ්‍යාවගේ ම නිර්මාණයක් බවට දහම් පාසල් ප්‍රධානාචාර්යතුමා හෝ පාසලේ විදුහල්පතිතුමා හෝ සහතික කොට තිබිය යුතු ය

ඔබගේ නිර්මාණ 2024/06/15 දිනට පෙර

සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගය, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ඩී.ආර්.විජයවර්ධන මාවත, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට,

වට්ස්ඇප් 0724890761 දුරකතනයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට ද යොමු කළ හැකි ය.

ජයග්‍රාහකයන් සඳහා

පළමු වැනි ස්ථානයට රු. 25000.00

දෙවැනි ස්ථානයට රු. 15000.00

තෙවැනි ස්ථානයට රු. 10000.00

බැගින් මුදලින් ත්‍යාග පිරිනැමේ