Print this Article


සති පිළිවෙතට හුරුවෙමු - සිහියෙන් සිටින මාසයක්

සති පිළිවෙතට හුරුවෙමු - සිහියෙන් සිටින මාසයක්

පෙර තිබූ සමාජ පද්ධතිය නැවත ගොඩනැංවීමටත්, මත්ද්‍රව්‍ය, මත්වතුර, දුරකතනවලට ඇබ්බැහිවීම, බෝ නොවන සහ බෝවන රෝග සමාජයේ බහුලවීමත් ආදි කරුණු හේතු කොට ගෙන “සති පිළිවෙත් පුරන මාසය” වැඩසටහනක් මහනුවර ධර්ම ශක්ති පදනම ආරම්භ කර ඇත.

වෙසක් පෝ දා සිට පොසොන් පෝදා දක්වා සති පිළිවෙත වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. දිනකට සත් වතාවක් බුදුගුණ සිහිකිරීම, නිරෝගි සුව වඩන ආහාර පිළිවෙතක් හඳුන්වාදීම, සතර සිහි ප්‍රතිපදා (සිහියෙන් සිටීමට හුරුවීම), උතුම් තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාව ගොඩනඟන ප්‍රතිඥා සහ සෙසු අධීක්ෂණ කටයුතු මෙහි සුවිශේෂී ක්‍රියාකාරකම් වේ.