 කර්මවාගාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ ඇඹිලිපිටියේ රතනජෝති හිමි
පිළියන්දල, මාඩිත්තර සිරි තිසරණ ධර්මායතනාධිපති ඇඹිලිපිටියේ රතනජෝති හිමියන් විසින්
සිදු කරමින් තිබෙන්නා වූ ආගමික, සාමාජික සහ සංස්කෘතික සේවාව අගයමින් සියම් මහා
නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන වින්සත්
වර්ගික කාරක සංඝ සභාව මඟින් “ශාසන කීර්ති ශ්‍රී සරණපාල හේමාලෝක” යන ගෞරව නාමය සහිත
ව කර්මවාගාචාර්ය පදවිය පිරිනමා ඇත.
|