Print this Article


දෙනියායේ සුමේධ නාහිමියෝ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

දෙනියායේ සුමේධ නාහිමියෝ

ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

දෙනියායේ සුමේධ නාහිමියෝ නමින් පැවිදි බිමට ඇතුළත් වූයේ 1983 වසරේදී ය.

දෙල්ගොඩ කල්‍යාණදීප පිරිවෙනෙහි අධ්‍යාපනය ලබා 1985 වසරේ ජූලි මස 27 වැනි දින උපසම්පදා විනය කර්මය බලපිටිය වැලිතර මහා කප්පින විහාරස්ථානයේ දී සිදු විය.

දංදෙනියේ ජිනවංශ නාහිමි දංදෙනියේ සුගතසිරි නා හිමි, කපුගම සුගතසාර මාහිමි ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද අනුශාසනා ලබමින්, වර්තමානයේ විශාල ශාසනික මෙහෙවරක් සිදු කරමින් සිටින අතරතුර අමරපුරමහා සංඝසභාවේ ඒකමතික තීරණය මත,2024 අපේ‍්‍රල් මස 20 වැනි දින “මීගමු පළාත් සහිත සීනාදී සිව්කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක “පදවියෙන් උන්වහන්සේ පිදුම් ලැබූහ.

සංඝසෝභන ගුණ සමුදායෙන් සමුපේත වූ උන්වහන්සේ වසර 30ක පමණ කාලයක් බොල්ලතාව ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරමින්, අපවත් වී වදාළ කපුගම ශ්‍රී සුගතවංශාභිධාන මහ නාහිමියන්ගේ හා කැකනදුරේ ධම්මසිරි නා හිමියන්ගේ සිල්වත් ගුණ සමුදායන් ඉදිරියට ගෙන යමින් සිටිති. උන්වහන්සේ සිදුකරන සියලු ශාසනික කටයුතු සාර්ථක වේවා.