Print this Article


බුදුසරණ පුවත්පත සහ බුදුසරණ ඩිජිටල් අංශය මෙහෙයවූ සියපත් සුවඳ අන්තර් ධර්ම විද්‍යාලයීය විවාද තරගයේ දෙවැනි වැඩසටහනෙන්

බුදුසරණ පුවත්පත සහ බුදුසරණ ඩිජිටල් අංශය මෙහෙයවූ

සියපත් සුවඳ අන්තර් ධර්ම විද්‍යාලයීය විවාද තරගයේ දෙවැනි වැඩසටහනෙන්

බුදුසරණ පුවත්පත සහ බුදුසරණ ඩිජිටල් අංශය එක්ව දෙවැනි වරටත් සංවිධානය කළ “සියපත් සුවඳ අන්තර් ධර්ම විද්‍යාලයීය විවාද තරගය” පසුගිය 09 වැනි දා ලේක්හවුස් ආයතනයේ දී පැවැත්වුණි.

බෙල්ලන්විල ශ්‍රී බෝධිරාජ ධර්ම විද්‍යාල දහම් පාසල සහ පිළියන්දල වංගීස දහම් පාසල අතර විවාද තරගය පැවැත්වුණි. එහිදී තියුණු තරගයකින් පසුව බෙල්ලන්විල ශ්‍රී බෝධිරාජ ධර්ම විද්‍යාල දහම් පාසලේ දරු දැරියෝ ජයග්‍රහණය ලබා ගත්හ. දක්ෂතම කථිකයා වංගීස දහම් පාසලේ අථිල ශාරද බවන් මැන්දිස් පුතණුවන් ය.

බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය සංවිධානය කළ මෙම විවාද තරගය මාසික ව පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ඔබගේ දහම් පාසලේ විවාද කණ්ඩායම්වලට ද සහභාගි විය හැක. දහම් පාසල් ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේගේ අනුදැනුම මත ඒ සඳහා ඉල්ලුම් කළ යුතු අතර වැඩි විස්තර 0112 429 598 දුරකතනයෙන් විමසිය හැකි ය.

තරගය සඳහා සහභාගි වන සියලුම දරු දැරියන්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට කටයුතු කෙරේ. මෙවර විවාද තරගය සඳහා පින්බර දායකත්වය නාමල් උයන වනවාසී රාහුල හිමියන් සහ ගලගෙදර රතනවංශ හිමියන් විසිනි.