Print this Article


බක් පුර පෝ දා දම් දෙසුම

බක් පුර පෝ දා දම් දෙසුම

ලේක්හවුස් ආයතනයේ බක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් සංවිධානය කළ ධර්ම දේශනාමය පින්කම පසුගියදා ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණ. එදින ධර්ම දේශනාමය පින්කමේ පින්බර දායකත්වය ඡායාරූප සැකසුම් අංශයේ නදුන් දිමුතු කරුණාසේකර මහතා විසින් දරන ලදී.

එදින දම්දෙසුම කැලණියේ අජිත හිමියන් පැවැත් වූ අතර, මියගිය ඥාති හිතවතුන්ට පින් අනුමෝදන් කිරීම මෙම පින්කමේ අරමුණ විය. ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් පින්කම සංවිධානය කෙරිණි. ලේක්හවුස් සභාපති මහාචාර්ය, හරේන්ද්‍ර කාරියවසම් මහතා ඇතුළු සේවක මහත්ම මහත්මීහු මෙම ධර්ම දේශනාමය පින්කමට එක් වූහ.

මෙම සදහම් දෙසුම ශ්‍රවණය කිරීමට ඉහත QR කේතය කියවන්න.