Print this Article


උතුම් පෝ දා...

උතුම් පෝ දා...

ලුම්බිණියේ සාල වනයේ
කුමරු බෝසත් ඉපදුණේ
මායා කුසෙන් වෙසඟ පෝ දින
කුමරු බෝසත් ඉපදුණේ

ගයා හිසෙහි බෝමැඩේ දී
බෝසතුන් සම්බුදු වුණේ
සියලු කෙලෙසුන් නසා දමමින්
බෝසතුන් සම්බුදු වුණේ

මල්ල රජුගේ සාල වනයේ
සම්බුදුන් පිරි නිවි ගියේ
තුන් ලොවම කම්පා කළේ
උතුම් වෙසක් පුන් පෝ දිනේ