දරුවන්‍ගේ වෙසක් පොහොය
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති
කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි
දරුවන් කිහිපදෙනකු එක් වී උණ පඳුරක් සොයා ගොස් උණ ගසක් කපා ගෙන අටපට්ටම් වෙසක් පහන්
කූඩු සෑදීම, එම කූඩුවේ ටිෂූ කඩදාසී අලවා ලස්සන කිරීම එදා දරුවෝ කැපවීමෙන් සිදු කළහ.
එහෙත් අද වන විට ආනයනය කළ පහන් කූඩු හෝ තවත් කෙනෙක් සෑදූ පහන් කූඩු නිවසේ ඉදිරිපිට
එල්ලා බලා සතුටුවීමට පුරුදු වී ඇත.
මේ නිසා දරුවන් සමඟියෙන් කටයුතු කිරීම,
අධ්‍යාපනයෙන් බාහිර කටයුතුවලට යොමු වීම ආදිය නිසා දරුවන්ගේ සිත් තුළ ඇති ආතතිය
තුරන්වීම, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවීම, මනස නීරෝගී වීම වැනි බොහෝ ගුණාංග
දරුවන් තුළින් ඈත්වීමට පටන්ගෙන තිබේ.
කෝටු කෑලි කිහිපයක් කපා ගෙනවිත් බිම පේළියට සිටුවා ඒ මත පහන් තබා පහන්වැටක් සකස්
කොට දැල්වීම ද දරුවන්ට ප්‍රබෝධය ගෙන දෙන්නෙකි. දල්වන දල්වන පහන සුළඟින් නිවී යයි.
නැවත නැවත ඒවා දල්වයි.
මේ තුළින් ඉවසීම, දරාගැනීම වැනි දෑ දරුවන් අනායාසයෙන් ම
පුරුදු පුහුණු වෙයි. අපි දරුවන්ට අපේ පැරැණි බෞද්ධ සිරිත් විරිත් නැවතත් පුරුදු
කරමු. දරුවන්ට තෙමඟුලේ නියම අර්ථය කියා දෙමු. ආමිෂ පූජාවෙන් මෙන් ම ප්‍රතිපත්ති
පූජාවෙන් කටයුතු කළ යුතු අයුරු පෙන්වා දෙමු. යහපත් චර්යාවෙහි යොදවමු. |