Print this Article


සම්බුදු තෙමඟුල ...

සම්බුදු තෙමඟුල ...

දෙව්ලොව හැරදමා මනුලොව සපැමිණි
මායා පුතු පියුම් මත වැඩ හිඳිමිණි
දඹදිව පසිඳු සල් උයනේ ලුම්බිණි
අද වැනි වෙසක් පෝදාවක සිදුවුණි

සයවසරක් ම දුක් දුන්නත් සිය සිරුරට
කිසි සරණක් නැති තැන නිවනේ මඟට
සිදුහත් බෝසතුන් සපැමිණ මැද මාවතට
ලැබුවේ බුදු පදවි වෙසක් පෝදා තිලොවට

පන්සාළිස් වසක් දම් දෙසු බුදු සමිඳු
උපවත්තන උයනෙ සතු මල්ලව නිරිඳු
පිරිනිවනට වැඩියේ ගෞතම මුනිඳු
වෙසක් දිනේ කම්පා කර දෙව්බඹ නර සුරිඳු