Print this Article


හිමි පා වඳිමි

හිමි පා වඳිමි

තණ්හා ආශා ඉසිකෝ මන්
ඔළඟු කරේ ලා යන ගමනේ
පවස නිවන්නට දිය දෝතක් වූ
වීතරාගි හිමි පා වන්දේ.....

සසර කතර මැද ඔහේ දුවන විට
පහන් ටැඹක් සේ එළිය විදාහල
අවිදු අඳුර සිඳ සිත් සනසා ලු
වීතරාගි හිමි පා වන්දේ.....

ලෝ වැසි දන හද
මානව ගුණදම්
වියැකී විසිරී යන කාලේ
තැවුල් නිවා සදහම් වැසි වැස්සූ
වීතරාගි හිමි පා වන්දේ......