Print this Article


මෙත් වඩා සැනසෙන්න

මෙත් වඩා සැනසෙන්න

සිව් බඹ විහරණ අතර, මෛත්‍රිය නම් ගුණයට බුදු සමයේ ලැබෙන්නේ ප්‍රධාන තැනකි. මෛත්‍රිය කිරීම නිසා විවිධ මානසික සහනයන්, විවිධ ආනිසංසයන් අපට ලබා ගැනීමට හැකි වෙනු ඇත.

මෛත්‍රිය භාවනාව ඔබ අපහට අලුත් දෙයක් නොවේ. තමන්ගේ පටන් තමන්ට හිතවත් අය, මධ්‍යස්ථ අය, අහිතවත් අය යන සියලුම සත්ත්වයන්ටත් මෛත්‍රී වැඩීමට පුරුදු වන්න. මෛත්‍රිය යනු මිත්‍රභාවය යි. අනුන්ට විරුද්ධ නැති බවයි.

ඔබ කුඩා කල සිට මෙත් සිත වඩන්න පුරුදු වුණොත් එහි ප්‍රතිඵලයත් ඔබටම යි.

මෙත් වැඩීමේ ආනිශංස පිළිබඳව අපේ බුදුපියාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ ඉතා දීර්ඝව දේශනා කර තිබෙනවා.

සුව සේ නිදයි

සුව සේ අවදි වෙයි

නපුරු සිහින නො දකියි

මිනිසුන්ට පි‍්‍රය වෙයි

අමනුෂ්‍යයින්ට පි‍්‍රය වෙයි

දෙවියෝ රකියි

ගිනි හෝ අවි ආයුධ විපත් ඇති නොවේ

සිත් සන්සුන් වෙයි

මුහුණ පැහැපත් වෙයි

යහපත්ව කළුරිය කරයි

මරණයෙන් පසු බඹලොව උපදියි

මෙවැනි ආනිසංස පෙන්වා දී ඇත. ඔබ මේ කරුණු ගැන ඉගෙන ගෙන මෙත් සිත දියුණු කර සැමට මෙත් වඩා සැනසීම ලබා ගන්නට උත්සාහ කරන්න.