Print this Article

දසත පුරා සිල් සුවඳ හමා යන හෝමාගම පුරාණ විහාර පින්බිම

හෝමාගම පුරාණ විහාරය බොදු දනන් සිත් නිවා පහන් කරවන පූජනීය පින්බිමකි. බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ අගභාගය තෙක් දිවෙන ඉතිහාසයක් ඇති මේ පුණ්‍ය භූමිය ස්ථාපිත කෙරෙන්නේ 1880 වසරේ දී ය. ඒ, එවකට සම්බුදු දහමට තිබූ විවිධ අභියෝග මධ්‍යයේ ය. එවකට වැඩ විසූ ජල්තර ශ්‍රී සෝභිත නාහිමියෝ එහිලා මූලික වූහ.

උන් වහන්සේගේ ඇවෑමෙන් විහාරාධිපති ධුරයට පත් වන්නේ කිරිවත්තුඩුවේ පුඤ්ඤානන්ද හිමියන් ය. උන්වහන්සේට පෝරේ ගලඋඩ පුරාණ ශ්‍රී මහා විහාරාධිපති ව වැඩ විසූ මාගම්මන සීලවිමල හිමියන් සහ මාගම්මන සිලාලංකාර නාහිමියන් ද විශාල සහයක් ලබා දුන්හ.

දශක ගණනාවක් එසේ ප්‍රදේශයේ ජනතාවගේ බොදු අවශ්‍යතා ඉටු කළ මේ විහාරස්ථානයෙහි 1942 වසරේ මාර්තු මස 05 වැනි දා විහාරස්ථ සිරි සීවලි දහම් පාසල ආරම්භ කරන ලදී. එදා සිට සෑම ඉරු දිනක ම උදෑසන මල් වට්ටි දෝතින් ගත් දූ දරුවන්ගෙන් සැදුම්ලත් අලංකාර දසුන් අපට අද දක්වා ම දැක ගන්නට හැකි ය.

විහාරස්ථානයට චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකිරීම සඳහා 1948 වසරේ දෙසැම්බර් මස 24 වැනි දින උත්සවශ්‍රීයෙන් මුල්ගල තබා වැඩ ආරම්භ කරන ලදී. කිරිවත්තුඩුවේ පුඤ්ඤනන්ද හිමියන් අපවත්වීමෙන් පසු විහාරාධිපති ධුරය මාගම්මන සීලවිමල හිමියන්ට පැවරීමෙන් පසු මාගම්මන සීලවිමල හිමියන් විසින් මාගම්මන ගුණරතන හිමියන්ට විහාරස්ථ භාරකාරත්වය පවරන ලදි.

1952 වසරේ චෛත්‍ය ගර්භයේ ධාතු නිධන් කිරීමත් කොත් පැළඳවීම 1956 වසරේ අප්‍රේල් මස 26 වැනි දිනත් උත්සවශ්‍රීයෙන් සිදුකර ඇත. අද දක්වා ම සුජීවත් ව සිටින ජනතාව පවසන්නේ ඒ අසිරිමත් අවස්ථාව තම දිවියේ කෙදිනකවත් අමතක නොවන බවයි.

බෞද්ධාගමික අංගයන්ගෙන් පරිපූර්ණ වූ විහාරස්ථානයට එක් වූ නවතම අංගය වූයේ පොසොන් පෙරහර මංගල්‍යයයි. කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වන පෙරහර අතළොස්ස අතුරින් සුවිශේෂී වන හෝමාගම පුරාණ විහාරයේ පොසොන් පෙරහර මංගල්‍යය 1960 වසරේ වීදි සංචාරය අරඹන ලදී. එදා සිට අද දක්වා ම සිදු කෙරෙන පෙරහර මංගල්‍යය විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කෙරෙන අසිරිමත් මංගල්‍යයකි.

1964 වසරේ දී මුල්ලේරියාවේ සිද්ධාර්ථ හිමියන්ගේ ඉවත්වීමත් සමග පිටිපන මේධානන්ද, දඹෝරේ සෝමාරාම, තලංගම පඥානන්ද , බිබිලේ වනරතන සහ වෙලේගම්මැද්දේ විමලජෝති යන හිමිවරුන් නේවාසික ව මෙම විහාරස්ථානයේ වැඩ වාසය කර ඇත. පසුව මාගම්මන සීලාලංකාර නාහිමි හා පිටිපන ඤාණිස්සර යන නාහිමිවරුන්ගේ කැමැත්ත පරිදි එවකට කොරතොට රාජමහා විහාරයේ වැඩ සිටි මාදෝවිට පඤ්ඤාකිත්ති නායක හිමියන් 1968 වසරේ ජුනි මස 29 වැනි දින විහාරස්ථානයට වැඩම කරන ලදී.

උන්වහන්සේ විසින් නව විහාර මන්දිරයක් වෙනුවෙන් වැඩ ආරම්භ කරන ලදී.

උන්වහන්සේ හෝමාගම ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරය දැරුවේ තමන් ලද ශාස්ත්‍රපති උපාධියේ දැනුම අනුව එම මණ්ඩලයට විශාල සේවාවක් ද කරමිනි. එමෙන් ම උන්වහන්සේ පාසල් රැසක සේවය කරමින් දූ දරුවන් විශාල ප්‍රමාණයකට අධ්‍යාපනය ලබා දී අවසානයේ හෝමාගම අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මය විෂයය පිළිබඳ අධ්‍යක්ෂ ධුරය ද දැරූහ.

උන්වහන්සේ 2018 වසරේ අපවත් වීමෙන් පසුව විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත් වූයේ මාදෝවිට වජිරබුද්ධි නාහිමියන් ය. උන් වහන්සේ බහුශ්‍රැතියන් අතර අගතැන්පත් හිමිනමකි. නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ධුරය හොබවන උන්වහන්සේ හෝමාගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ විනිශ්චය කාරක සංඝ සභික, ඓතිහාසික උරුමය සුරැකීමේ සංවිධානයේ උත්තරීතර බල මණ්ඩල සභික ධුර ද දරති. එසේම කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික ධුරය හා හෝමාගම ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති සහ කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ උ‍ප සභාපති ධුරය ද හොබවති

හෝමාගම පුරාණ විහාරය බිත්තිවල කුඹුර පන්සල නමින් ද හඳුන්වා ඇත. ඒ පිළිබඳ පැරැණි ශිලා ලේඛන ආදී කිසිවක් සොයා ගත නොහැකි වුවත් බ්‍රිතාන්‍ය පාලන සමයේ ‘සර්වේ ජෙනරාල්‘ කාර්යාලය මඟින් මැන සකස් කරන ලද 1877 වසරේ පිඹුරට අනුව අක්කරයක් රූඩ් 3ක් හා පර්චස් 20ක දේපළක් විහාරස්ථානයට අයත් බව සඳහන් වේ.

සාධු ජන සමාජයකට සාඩම්බර මෙහෙවරක නියැළෙමින් ප්‍රදේශයේ කාගෙත් සිත් දිනාගත් හෝමාගම පුරාණ විහාරබිම අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් දැවෙන තැවෙන සිත් නිවා පහන් කරවන්නට තුන්කල්හි ම උරදී සිටීම බොදු දනන් ලද මා හැඟි භාග්‍යයක් ම ය.

හෝමාගම පුරාණ විහාරාධිපතිව වැඩ සිටි
අපවත්වී වදාළ
මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි
වත්මන් විහාරාධිපති
මාදෝවිට වජිරබුද්ධි නාහිමි