Print this Article


කසාවත

කසාවත

දන් දී පසේ බුදු සමිඳුන් පන් සියට
ලැබ ගත් පිනෙන් දිව සැප විඳ නිසි ලෙසට
සිදුහත් බෝසතුන් බුදු වූ කල දියට
ගෝතමි දියණි විය දෙව්දහ රජ ගෙයට

සුදොවුන් කපිල වස්තුවෙ රජ පදවි දරා
මායා සමඟ වෙසෙමින් සිත සතුට අරා
ගෝතමි කුමරිය ද කැඳවා මැඳුර කරා
පිදුවේ උප බිසව් තනතුර සෙනෙහෙ පුරා

සිදුහත් ජනිත වී සත්දින ගෙවුණ විට
පැතුමන් විලස මායා සුරලොවට බට
සුළු මව් පදවි ලැබ ඉන්පසු කුමරු හට
වැඩැවී ගුණ නුවණ මතු බුදු පදවියට

සසරේ අනිස බව දැක කෙලෙසුන් පිරුණ
හැරදා රජ මැඳුර දේවිය පුතු කලණ
දැහැනට සම වැදී කැර මරු සහ සටන
සිදුහත් ලැබුවෝ බුදු පදවිය කිරණ