Print this Article


සිත දකින බණ පද

සිත දකින බණ පද

මහලු ව සැරයටියෙන්
කුස ගිනි දුක දරා
යනෙන මේ මිනිසා
මහ බණක් කියා දෙයි

අගාධ සසරෙහි
අම්බලමක ලැගුම් ගත්
මිනිස්සු
පිනක් කර ගන්නට
පිනක් ම නැතිව
බණ පදය නො දැක
මං මුළා ව යයි

මිනිස් සිත වසා දමමින්
අවිද්‍යා තෘෂ්ණා දෘෂ්ටිගත ව
තවත් පින්කම් නොකරන මිනිස්සු
පස් පව් දස අකුසල්
කරමින් යයි මං මුළා ව