Print this Article


සංඝ ශෝභන ගුණපිරි එප්පල පඤ්ඤාසාර හිමි

සංඝ ශෝභන ගුණපිරි එප්පල පඤ්ඤාසාර හිමි

දකුණු පළාතේ තවලම ප්‍රා.ලේකම් කොට්ඨාශයේ එප්පල පදිංචි කේ.එච්.ගුණදාස හා ඩබ්.කේ. අයිරාංගනී යන දෙපලගේ පුත්‍ර රත්නයක් ලෙස විචිත්‍ර සම්පත් දරුවා 1991.10.27 දින එප්පලදී ජන්මලාභය ලැබීය.

එම දරුවා කෙරදේවල පුඤ්ඤරතන මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 2005.01.20 දින මකුළුව ශී‍්‍ර බුද්ධසිංහාරාමයේ දී උතුම් වූ පැවිදි බිමට පත් වූයේ එප්පල පඤ්ඤාසාර නමිනි. 2023 ජුනි මස 25 දින ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී අධිශීල උපසම්පදාශීලයට පත් වූ මුන් වහන්සේට සසුන් කෙත දියුණු කිරීමට ශ්‍රී දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.