Print this Article


සසර ගමනට අලුත් අරුතක්

සසර ගමනට අලුත් අරුතක්

කැමති සැම දේ නොලැබ යාම ද
හොඳක් මිස නරකක් නොවේ ම ය
සසර සයුරෙන් එතෙර වන්නට
එයම පහුරක් වේ ය සතහට

ජීවිතය මනරම් - විඳ
ගත හැකි ය මනසින්

නොමළ ගෙයකින් අබ මිටක්වත්
කිසා ගෝතමියට ලැබුණි නම්
අදත් ඇය සසරේ සරන්නිය
සොයා අබ ගම් දොරින් දොරැ' විද

ජීවිතය මනරම් - විඳ
ගත හැකි ය මනසින්

ඇඟිලි දහසක් පුරාලනු වස්
සිඳින්නට මවගේ ඇඟිල්ලක්
හැකි වුණා නම් අඟුල්මල්හට
රහත් වන්නට කෙලෙස හැකි වෙද

ජීවිතය මනරම් - විඳ
ගත හැකි ය මනසින්