Print this Article


පිණ්ඩපාත දානමය පින්කමක්

පිණ්ඩපාත දානමය පින්කමක්

වැදිකුඹුර ධම්මගවේෂී පදනම, විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලය සංවිධානය කළ භික්ෂු භික්ෂුණීන් වහන්සේ සියක් නමක් උදෙසා මහා පිණ්ඩපාත දානමය පින්කම ඉකුත් (22) වැනි දා මොනරාගල වැඳිකුඹුර ජාතික පාසල් පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම පිණ්ඩපාත චාරිකාවට මොනරාගල තැරෑල සිරි විජයවර්ධන පිරිවෙනේ කෘත්‍යාධිකාරි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ශාස්ත්‍රපති පණ්ඩිත කන්ද උඩපංගුවේ සුගතානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.