සිරිලකම පිබිදිලා
සිරිලකම පිබිදිලා
එකම සුභ මොහොතකදී
මහමැදුර පැල්පතෙහි
ළිපේ ගිනි මෙළවෙනා
එරබදු මල් පිපී වැනේ
රබන් සුරල් මිහිරේ
කිරි ඉතිරිලා මගෙ රටට
ජය සතුට සුව දෙනා
නෙතින් නෙත තුටු කඳුළු
සිරිකත ද හිනැහෙනා
එරබදු මල් පිපී වැනේ
රබන් සුරල් මිහිරේ
ගෙයින් ගෙට රස කැවිලි
මලු රැගෙන සතුටිනා
අලුත් අවුරුදු කුමරු
සැමට සුභ සෙත දෙනා
එරබදු මල් පිපී වැනේ
රබන් සුරල් මිහිරේ
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |