මැදින් පෝ දා
බුදු බව ලබා සම්බුදු හිමි දස වසකී
ඇතිවිය කැමැත්තක් සුදොවුන් රජුට සකී
තම පුතු බැලීමට ඇති ආසාවයකී
වේළුවනය වෙත යවනා පිරිස මෙකී
ගිය ගිය පිරිස් බණ අසලා පැවිදි විය
රජු ගේ ආසාව කිසි දින ඉටු නොවිය
අන්තිම වරට කාළුදායි මතක් විය
මහණ වෙන්න අවසර ඉල්ලන්න විය
නෙක නෙක තුරු මුදුන්මත ලා දලු සෙලවේ
නා නා පුෂ්පයන් තුර ලිය මත නැළවේ
මේ ලෙස මඟ දෙපස සිරියෙන් විසිතුරු වේ
හිමියනි වඩිනු මැන පිය රජු පිළි ගනු වේ
සැට යොදුනක් දුරයි මේ දුර යාගන්න
දිනකට යොදුන මෙන් දුර පුළුවනි යන්න
රාහුල නන්ද කුමරුන් නිවනට යන්න
මැදින් පෝය දින එළඹුනි මෙය වෙන්න
නාරංගොඩපාලුව,
ශ්‍රී සෝනුත්තර ධර්ම විද්‍යාලයේ ආචාරිණී
ස්වර්ණලතා ලියනපතිරණ |